මත්කුඩු ජාවාරම් කළ අයෙක් කැළණියේදී කොටුවෙයි (වීඩියෝ)

0

මත්කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු කැලණිය පට්ටිවෙල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කැලණිය පොලිසිය ඊයේ සමත් වුණා.

හෙරොයින් ග‍්‍රෑම් 12 ක් සහ ඒවායේ බර මැනීමට ගන්නා ඉලෙක්ට්‍රොනික තරාදියක්ද සැකකරු සතුව තිබී මුවූ බවයි පොලිසිය පැවසුවේ.

කැලණිය පොලිසියට ලද තොරතුරක් මත මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 25 හැවිරිදි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී මත්කුඩු ග‍්‍රෑම් 12 ක් හා ඉලෙක්ට්‍රොනික තරාදියක් ද සොයාගෙන තිබෙනවා.

සැකකරු ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචිව සිට මීට මාස 3 කට ඉහතදී රුපියල් ලක්ෂ 11 ක මුදලකට කැලණිය වගුරුවිල ප‍්‍රදේශයේ නිවසක් මිලට ගෙන පදිංචියට ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔහු මත්කුඩු සැපයුම්කරුවෙකු ලෙස මෙම ජාවාරමට දීර්ඝ කාලයක සිට සිදු කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.

මේ අතර වතුකරයේ අලෙවි කිරීම සඳහා කොළඹ සිට බගවන්තලාවට රැුගෙන යමින් තිබූ මත්කුඩු කිලෝ 18 යි ග‍්‍රෑම් 250 ක් සමග සැකකරුවෙකු ඊයේ පොලිසියට කොටුවුණා.

එන්සි නැමති මත්කුඩු තොගය සමග සැකකරු බස්රථයෙන් ගමන් කරමින් සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගැනුණා.

ඉන්දියාවෙන් ආනයනය කර ඇති මෙම මත්කුඩු වර්ගය ග‍්‍රෑම් දහය බැගින් කුඩා ටින්වල අසුරා ටින් 25 බැගින් පෙට්ටි 75 ක අසුරා තිබූ බවයි පොලිසිය පැවසුවේ.

සැකකරු බගවන්තලාව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments