හිරෙන් නිදහස් වී ඇවිත් ආයෙත් පුරුදු රස්සාව පටන් ගනී (වීඩියෝ)

0

මිනීමැරුමකට වරදකරු වි සිරදඩුවම් ලබා පැමිණ විවිධ සොරකම්වල නිරත වු පුද්ගලයෙකු පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දැඩි ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින අයෙකු බවයි පොලිසිය පවසන්නේ. ඔහු විසින් සොරාගත්බව කියන භාණ්ඩ රැසක්ද පොලිසියෙන් සොයාගෙන තිබෙනවා.

පිළියන්දල හා කොට්ටාව ආශ‍්‍රිත ප‍්‍රදේශ වල දහවල් කාලයේ සිදුවු ගෙවල් බිදුම් හා සොරකම් කිහිපයක් පිළිබඳව පසුගිය දිනවල පොලිසියට පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව කළ විමර්ශනයක ප‍්‍රතිපලයක් ලෙසයි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවි තිබෙන්නේ. සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදි ගෙවල් බිදීමට උපයෝගි කරගත් බව කියන උපකරණ සහ සොරාගත් භාණ්ඩ රැසක්ද හමුවුණා.

සැකකරු මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් වසර 14 ක් සිරදඩුවම් ලබා නිදහස්ව පැමිණි 46 හැවිරිදිවියේ පසුවන පුද්ගලයෙකු බවයි පොලිසිය ප‍්‍රකාශ කලේ. පිළියන්දල අවට නිවාස වලින් සොරාගෙන හෙට්ටිවිදිය හා බොරලැස්ගමුව යන ප‍්‍රදේශවල උකස් තබා තිබු රන් භාණ්ඩද පොලිසිය සොයාගනු ලැබුවා.ත

සැකකරු අද කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා.

Comments

comments