කෝටියක කුඩු කටුනායකදී අල්ලයි

0

රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට පැමිණි 31 හැවිරිදි ඉන්දීය ජාතිකයකු මෙම හෙරොයින් තොගය රැගෙනවිත් ඇති බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කලේ.

චෙන්නායි සිට මෙරරට පැමිණි ගුවන්යානයකින් පැමිණි සැකකරු රැගෙන ආ ඇඳුම් අතර සුක්ෂමව සගවා තිබු හෙරොයින් කිලො 1 යි ග්‍රෑම් 4 ක් සොයාගෙන තිබෙනවා.

එම පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට ඇඳුම් රැගෙන එන පුද්ගලයෙක් බව ද සඳහන්.

ගුවන්තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

Comments

comments