හම්බන්තොටදී භික්ෂූන් වහන්සේට එල්ල වූ ප‍්‍රහාරයට එරෙහිව වීරවිල විරෝධතා (Video)

0

චීන ශ‍්‍රී ලංකා ආයෝජන කලාපය ආරම්භ කළ දිනයේ හටගත් කලහකාරි සිද්ධියෙන් භික්ෂුන් වහන්සේට පහර දුන් බව පවසමින් ප‍්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා. අප වාර්තාකරු සඳහන් කළේ පැයක පමණ කාලයක් මේ විරෝධතාවය පැවති බවයි.

තිස්ස – කතරගම ප‍්‍රධාන මාර්ගයේ වීරවිල මංසන්ධියට එක්වූ ප‍්‍රදේශවාසීන් පෙරවරු 9 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කළා. ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන්ද උද්ඝෝෂණයට එක්ව සිටියා.

විරෝධතාවයට එක්ව සිටි පිරිස සඳහන් කළේ හම්බන්තොට නොසන්සුන්තාවයේදී භික්ෂූන් වහන්සේට එල්ල වූ ප‍්‍රහාරය හෙළා දකින බවයි. ගැටුම සම්බන්ධයෙන් තම ගම්වාසීන් අත්අඩංගුවට ගත් පරිදි පහරදීමට පැමිණි පිටස්තර පුද්ගලයන්ට එරෙහිව ද නීතිය කි‍්‍රයාත්මක කළ යුතු බවද විරෝධතාකරුවන් පෙන්වා දුන්නා.

Comments

comments