අධික ශීතල යුරෝපයේ විසි දෙනෙකුට මරු කැඳවයි (Video)

0

පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් මේ වන විට යුරෝපා කලාපයේ පුද්ගලයින් විසි දෙනෙකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ශීත කාලගුණයෙන් පෝලන්තයේ දස දෙනෙකු මියගොස් තිබෙනවා. රාත්‍රී කාලයේ රුසියාවේ ඌෂ්ණත්වය සෙල්සියස් අංශක ඝෘණ තිහක් බවයි වාර්තා වන්නේ.

ග්‍රීක දූපත්වල රදවා සිටි සංක්‍රමණිකයන් දහස් ගණනක් දැඩි ශීතල හේතුවෙන් පීඩවට පත්ව සිටිනවා. මේ අතර අධික ශීත හා සුළං සහිත කාලගුණයත් සමග ඉතාලිය ගුවන් ගමන් වාර රැසක් තාවකාලිකව නතරකර ඇති බව වාර්තා වනවා.

එරට පාසල් රැසක් වසාදමා ඇති අතර බෝට්ටු මගින් සිදුකරන ධීවර හා ගමනා ගමන කටයුතු ද තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Comments

comments