පාකිස්තාන මිසයිල අත්හදා බැලීම සාර්ථක වෙයි

0
pakistan missile

පාකිස්තානය මිසයිල අත්හදා බැලීමක් සාර්ථකව සිදුකර ඇති බව නිවේදනය කර තිබෙනවා. මෙම මිසයිලය බාබූර් තුන නමින් හදුන්වාදී ඇති අතර කිලෝ මීටර් 450ක් පමණ දුරකට විහිදී යන පරිදි සකස්කර තිබෙනවා.

එය න්‍යෂ්ඨික අවි රදවා තැබිය හැකි මිසයිලයක් බවයි පකිස්තාන වාර්තා සදහන් කරන්නේ.

සබ්මැරීනයක ආධාරයෙන් පකිස්තාන මුහුදේ දී මෙය අත්හදා බලා තිබෙනවා. පසුගියදා ඉන්දියාව අත්හදා බැලූ මිසයිලයට ප්‍රතිඋත්තරයක් ලෙසින් පාකිස්තානය මෙම මිසයිල් අත්හදා බැලීම සිදුකරන්නට ඇති බවටයි වාර්තා වන්නේ.

පකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් පවසන්නේ මෙය තම රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

Comments

comments