මාලිංගට දකුණු අප්‍රිකා සංචාරයත් අහිමිවෙයි

0
lasith malinga

සුපිරි වේගපන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංගට එළඹෙන දකුණු අප‍්‍රිකාව සමඟ පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලියද අහිමිවි තිබෙනවා.

මාලිංගට දකුණු අප‍්‍රිකානු තරග සංචාරය අහිමිවි තිබෙන්නේ ඩෙංගු රෝගය වැළදිමෙන් අනතුරුව තවමත් ඔහු පුර්ණ සුවය ලබා නොමැතිවිම හේතුවෙන්.

මේ අතර ශ‍්‍රි ලංකාව සමඟ පැවැත්වෙන 20-20 තරගාවලියට සහභාගි වන දකුණු අප‍්‍රිකානු සංචිතය ඊයේ ප‍්‍රකාශ කළා.

මෙම සංචිතයේ නායකත්වය හිමිව තිබෙන්නේ ෆර්හාන් බිහාඩින්ටයි.

වේගපන්දු යවන ක‍්‍රිඩක ලසිත් මාලිංග පසුගිය වසරේදි පැවති ආසියානු කුසලාන 20-20 ක‍්‍රිකට් තරගාවලිය අතරතුර පාදයේ ආබාධයකට ලක්වුණා.

ඒ අනුව ඔහුට ලෝක කුසලාන 20-20 ක‍්‍රිකට් තරගාවලිය මෙන්ම තරගාවලි කිහිපයක්ම මඟහැරි ගියා.

අනතුරුව ඔහු පාදයේ ආබාධය සුවවිමෙන් අනතුරුව යළි ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට පිවිසිමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් මාසයේදි යළ පුහුණුවීම් ආරම්භ කළා.

කෙසේවෙතත් පසුගිය මාසයේදි ඔහුට ඩෙංගු රෝගය වැළදුනු අතර තවමත් ඔහු පුර්ණ සුවය ලබා නැහැ.

මේ අනුවයි මේ මස දකුණු අප‍්‍රිකාව සමගින් පැවැත්වෙන 20-20 තරගාවලිය මෙන්ම එක්දින තරගාවලියද මාලිංගට අහිමිවි තිබෙනවා.

කෙසේවෙතත් ලබන පෙබරවාරි මාසයේදි ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන 20-20 ක‍්‍රිකට් තරගාවලියේ සිට යළි ශ‍්‍රි ලංකා කණ්ඩායමට එක්විමට බලාපොරොත්තු වනවා.

මේ අතර ශ‍්‍රි ලංකාව සමග පැවැත්වෙන තරග 3 කින් සමන්විත 20-20 තරගාවලියට සහභාගි වන දකුණු අප‍්‍රිකානු 20-20 සංචිතය ඊයේ ප‍්‍රකාශ කළා.

සුපිරි ක‍්‍රිඩකයන් කිහිපදෙනෙකුම මෙම සංචිතයෙන් විවේකගන්වා ඇති අතර දකුණු අප‍්‍රිකානු 20-20 කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ ෆර්හාන් බිහාඩින් වෙතටයි.

මෙලෙසින් දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ නිත්‍යා නායක ෆෆ් ඩුප්ලෙසි ඇතුළු ක‍්‍රිඩකයන් විවේක ගැන්විමට පියවර ගෙන තිබෙන්නේ ඉදිරියේදි තරගාවලි කිහිපයක්ම පැවැත්විම හේතුවෙන් ඔවුන්ව එම තරගාවලි සඳහා සුදානම් කිරීම සඳහායි.

13 දෙනෙකුගෙන් සමන්විත දකුණු අප‍්‍රිකානු 20-20 සංචිතය වන්නේ නායක ෆර්හාන් බිහාඩින්, ඬේවිඞ් මිලර්, තෙයුනිස් ඩි බියුරන්, රීසා හෙන්රික්ස්, ඉම්රාන් තාහිර්, ඒඞීල් ෆිලික්වායෝ, වේන් පානේල්, ඇරොන් ෆන්ගිසෝ, ඩෑන් පීටර්සන්, හයිනෝ කූන්, මංගලිසෝ මොසෙල්ලි සහ ලන්ගි ගිඩි.

20-20 තරගාවලියේ පළමු තරගය ජනවාරි 20 වැනිදා සෙන්චුරියන් හිදි පැවැත්විමට නියමිතයි.

Comments

comments