බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් ජනපතිගෙන් උපදෙස් (Video)

0

බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් දැනට පවතින නීතිරීති ක‍්‍රමවත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

කලාකරුවන් හා ජනමාධ්‍ය අමාත්‍ය නිලධාරින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී එතුමන් උපදෙස් ලබාදී තිබෙන්නේ අදාළ නීතිරීතිවල අඩුපාඩු ඇත්නම් නව නීති සම්පාදනය කරන ලෙසයි.

ජනාධිපති කාර්යාලයේදී කලාකරුවන් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ නිලධාරින් පිරිසක් හමුවූ ජනාධිපතිතුමන් සඳහන් කළේ බුද්ධිමය දේපළ සහ කතෘභාගය ගෙවීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බවයි.

ගුණාත්මක මාධ්‍යකරණයක් ඇතිකිරීම සහ අසභ්‍ය නිර්මාණවලින් සමාජයට සිදුවන හානිය වැළැක්විම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානයට ලක්වුණා.
මීට අදාළව කලාකරුවන් හා නිලධාරින් විවිධ යෝජනා ඉදිරිපත් කළා.

විද්‍යූත් මාධ්‍යවල විකාශය කෙරෙන නිර්මාණ ගැන කතෘභාගය ගෙවීමත් බුද්ධිමය දේපළ අයිතිය සුරැකීමත් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡුා කෙරුණු අතර ඒ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිලිවෙළක් සකසන ලෙසයි ජනාධිපතිතුමන් උපදෙස් දුන්නේ.

Comments

comments