මොරගහකන්ද උපවාසය අවසන් (Video)

0

මොරගහකන්ද ජලාශයට යටවන ඉඩම් සඳහා නිසි වන්දි මුදල් ඉල්ලා ගම්වාසින් සිදුකළ රෝධතාවය තාවකාලිකව අවසන් කර තිබෙනවා. ඒ අවශ්‍යය සියලූ සහන ලබාදිමට මහවැලියේ බලධාරින් විසින් ලිඛිත පොරොන්දුවක් ලබාදිමෙන් අනතුරුවයි.

මොරගහකන්ද ජලාශයට අත්පත් කරගත් තම දේපල වෙනුවෙන් නිසි වන්දි මුදල් හා නැවත පදිංචි කළ ස්ථානවල පොදු පහසුකම් ඉල්ලා පහුගිය ආණ්ඩු ගම්වාසින් උපවාසයේ නිරත වුණා. මොරගහකන්ද හා කලූඟග ජලාශ ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිට තාවකාලික මඩුවක් ඉදිකර ඔවුන් මෙම උපවාසය ආරම්භ කළා.

තවත් පිරිසක් ඊට සහයෝගය ලබාදෙමින් ඒ අසල රැදි සිටියා. උපවාසකරුවන් සඳහන් කළේ විසදුම් නොලැබුණහොත් ජලාශයට පනින බවයි.

කෙසේ වෙතත් ඊයේ උපවාසය පැවති ස්ථානයට පැමිණි මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුලූ කණ්ඩායමක් ගැටලූවට විසදුම් ලබාදීමට ඉදිරිපත් වුණා. ඔවුන් සඳහන් කළේ ගෙවීමට එකඟවු සියලූ වන්දි අදියර දෙකකින් ගෙවා නිමකරන අතර එහි මුල්කොටස ලබන පෙබරවාරියේ ලබාදෙන බවයි.

ඇමරිකානු ඩොලර් මිලියන 254 ක වියදමින් ඉදිකර ඇති මොරගහකන්ද ජලාශයට ජලය පිරවීමේ උත්සවයට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෙට සිදුකිරීමට නියමිතයි.

Comments

comments