පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අද (Video)

0

පළමු ශ්‍රේණිය සඳහා දරුවන් ඇතුලත් කර ගැනීම අද දිවයින පුරා පාසල්වලදි සිදුකෙරෙනවා. මෙවර එහි රාජ්‍ය උත්සවය කිරිබත්ගොඩ විහාර මහාදේවි බාලිකා විද්‍යාලයේදි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණා.

දිවයින පුරා පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනිම අද පෙරවරුවේ සිදුකෙරුණා.

350,000 කට ආසන්න ළමුන් සංඛ්‍යාවක් මෙවර පළමු ශ්‍රේණිය සඳහා ඇතුලත් කර ගැනෙන අතර එහි රාජ්‍ය උත්සවය අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණා. මෙවර පළමු ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනිමේදි අක‍්‍රමිකතාවන් සිදුව ඇති බව සඳහන් කරමින් කොළඹ රාජකීය විද්‍යාලය ඇතුලූ කොළඹ සහ කොළඹින් බැහැර පාසල් කිහිපයකම දරුවන් ඇතුලත් කර ගැනිම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සම්බන්ධයෙන් වන මුලික පරික්ෂණ අවසන්වු විගස එම පාසල් සඳහා දරුවන් ඇතුලත් කර ගැනීම් සිදුකරන බවයි.

Comments

comments