මොරගහකන්ද ජලාශයට මංගල දියවර නිකුත් කෙරේ (Video)

0

මහවැලි ව්‍යාපාරය යටතේ ඉදිකෙරෙන අවසන් මහා වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද මහා ජලාශයේ මංගල දියවර රැඳවුම් මංගල්‍යය අද පැවැත්වුණා. ජලාශයට මංගල දියවර පිරවීම සිදුකෙරුණේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින්.

අඹන්ගඟ හරස් කර මොරගහකන්ද ප‍්‍රදේශයේ වේල්ලක් ඉදිකිරීමෙන් මේ ජලාශය ඉදිකර තිබෙනවා. එමගින් මාතලේ – කුරුණෑගල, ත‍්‍රිකුණාමලය හා අනුරාධපුර දිස්ත‍්‍රික්කවල කෙත් බිම් යළ මහ දෙකන්නයේම වගාකළ හැකිවන පරිදි ජලය නිකුත් කෙරෙනවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ මේ ජලාශය ඉදිකිරීම සඳහා මහවැලි අමාත්‍යවරයාව සිටි සමයේ සිටම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළා ජලය පිරවීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ විශාලත්වය පරාක‍්‍රම සමුද්‍රය මෙන් පස් ගුණයක්.

එහි මංගල දියවර රැඳවුම ජනාධිපතිතුමන් අද පෙරවරුවේ සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුකෙරුණා. මොරගහකන්ද ජලාශයේ මංගල දියවර රැඳවුම සිදුකළ ජනාධිපතිතුමන් ඇලහැරට ජලය ගෙන යන ඇල මාර්ගයේ මංගල පස් පිඩැල්ල කැපීම ද සිදුකළා.

එමගින් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වී වගාවට අවශ්‍ය ජලය සැපයීම මෙන්ම පානීය ජල අර්බුදයට විසඳුම් ලබාදීමට නියමිතයි.

Comments

comments