විහාරස්ථානයක් ආශ‍්‍රිත ප‍්‍රදේශයේ නිධන් හැරූ සිව්දෙනෙකු අත්අඩංගුවට (Video)

0

බදුල්ල කහටරූප්ප විහාරස්ථානය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ නිධන්හෑරීමට පැමිණ බවට සැකපිට සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඌව දිසා පුරාවිද්‍යා ඒකකය විසින් අද අලූයම කළ වැටලීමකදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.

හුදකලා ස්ථානයක පිහිටි මෙම විහාරස්ථානය අසල දේවාලයක් සාදා වෙදකම් කිරීමට බව පවසමින් සැකකරුවන් පැමිණ තිබෙනවා. පසුව ඔවුන් ගැන සැකසිතු ගම්වාසින් ඒ පිළිබඳ බදුල්ල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව අද අලූයම ඌව දිසා පුරාවිද්‍යා ඒකකය සහ පොලිසිය එක්ව වැටලීම සිදුකර තිබුණා. එහිදි සැකකරුවන් ලඟ තිබි දේවරූප කිහිපයක්, බුදු පිළිම, පැරණි පුස්කොළපොත්, හක්ගෙඩි ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගැණුනා.

පොලිසිය සැකකරන්නේ මොවුන් නිධානයක් හෑරීම සඳහා පැමිණ ඇති බවටයි. අත්අඩංගුවට ගත් පිරිස අතර 52 හැවිරිදි කාන්තාවක් ද වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය සහ ඌව පළාත් පුරාවිද්‍යා ඒකකය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Comments

comments