දිනෙන් දින ගොඩගැහෙන බලංගොඩ කුණු (Video)

0

මාසයක් තිස්සේ බලංගොඩ නගරසභා බල ප‍්‍රදේශයේ පවතින කසල ගැටලූවට තවමත් විසදුමක් ලැබි නැහැ. අද වනවිටත් බලංගොඩ නගරය පුරා කැළිකසල එක්රැුස්වි ඇති ආකාරය දක්නට ලැබෙනවා.

වසර 16 ක් තිස්සේ හොදම කසල කළමනාකරණයට හිමි රාජ්‍ය සම්මානයෙන් පිදුම්ලැබු බලංගොඩ මහ නගර සභාව ඒ වෙනුවෙන් ජාත්‍යන්තර සම්මානයටත් පාත‍්‍ර වුණා. ප‍්‍රදේශයේ කැලිකසළ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් හරහා කොම්පෝස්ට් පොහොර බවට පත්කිරීමත් සෙසු අපද්‍රව්‍ය ප‍්‍රතිචක්ක‍්‍රිකරණය කිරීමත් සාර්ථක ලෙස කලක් තිස්සේ සිදුකෙරුණා.

කෙසේ වෙතත් එම මධ්‍යස්ථානයේ පිහිට බැන්කියාවත්ත ප‍්‍රදේශයේ කසල කන්ද මීට මාසයකට පමණ පෙර නාය ගියා. ඒ සමඟ ප‍්‍රදේශවාසින් යළි එම ප‍්‍රදේශයට කසල බැහැර කිරීමට විරෝධතාව පළකලා. ඊට අමතරව විකල්ප ප‍්‍රදේශ ලෙස හදුනාගනු ලැබු රජවක පැල්මඩුල්ල ආදි ප‍්‍රදේශවලටද කසල බැහැර කිරීමට බලංගොඩ නගර සභාවට හැකිවුයේ නැහැ. ඒ එම ප‍්‍රදේශවාසින්ද කසල බැහැර කිරීමට විරෝධය පළකිරීම හේතුවෙන්.

මේ හේතුවෙන් නගර සභාව කසළ එක්රැුස් කිරීම මේ වනවිට නවතා තිබෙනවා.

Comments

comments