වියළි කාළගුණ තත්ත්වයත් සමග දිය ඇළි වල ගලා බසින ජල ධාරිතාවද අඩු වෙයි

0
waterfalls in sri lanka

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණයත් සමඟ ලක්‍ෂපාන, කැනියොන්ල්පි, පොල්ටිය, විමලසුරේන්ද්‍ර ඉහළ කොත්මලේ සහ පහළ කොත්මලේ ජල විදුලි බලාගාර වලට ජලය සපයන කාසල්රිල මාවුස්සාකැලේ හා කොත්මලේ ජලාශ වල ජල මට්ටම 35% දක්වා පහළ බැස ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

පවතින වියළි කාළගුණයත් සමග සුන්දර ඩොවෝන් දිය ඇල්ලේ සහ සෙන්ට්ක්ලෙයාර් දියඇල්ලේද ගලා හැලෙන ජල ධාරිතාවද අඩුවිම නිසා එහි සුන්දරත්වයද අඩුවි තිබෙනවා.

පවතින වියළි කාළගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ තේ වතු ආශ්‍රීතව හා ප‍්‍රධාන නගර ආශ්‍රීතව උග‍්‍ර පානිය ජල ගැටලූවක්ද මතුවි ඇති අතර වියළි කාළගුණය අවසන් වන තෙක් බෙදා හරින ජලය අර පිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජල පරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

(රංජිත් රාජපක්‍ෂ)

Comments

comments