ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාවේ වෙනසක් වෙයි

0
soccer

ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 48 ක් දක්වා වර්ධනය කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මලනය (ෆිෆා) තීරණය කර තිබෙනවා.

ඒ ස්විට්සර්ලන්තයෙ සුරිච් හිදී ඊයේ (10) මේ පිළිබඳ ගන්නා ලද අවසන් තීරන වලට අනුවයි. වත්මන් ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ගේ සංකල්පයකට අනුව ඉදරිපත් වූ මෙම සංකල්පය පිලිබඳ අවසන් ඡන්ද වීමසීමක් පෙරේදා පැවති අතර එහිදී මෙය සම්මත වී ඇත්තේ ඒකමතිකවය.

මේ අනුව මේ වන විට සහබාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 32 සිට 48 දක්වාත් පැවැත්වෙන තරග සංඛ්‍යාව 64 සිට 80 දත්වාත් වර්ධනය කෙරේ. කෙසේ වෙතත් තීරණය වූ නව සංශෝධන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ 2026 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ සිට ය.

Comments

comments